පොත් මිටිය තුරැල් කර - පාසලට පිය මැන්න
දගකාර පොඩි කෙල්ල - මා දැහැන බිද දැමුව
අකුරැ කෙරැවෙමු එකට - ජය ගන්න ජීවිතය
ප්‍රේමයේ මල් කැකුලු - පිපිදුනිය හදවතින්
බැරි වුනිය සගවන්න - පැවසුවෙමි දෙනුවනින්
බැදුනෙමි සෙනෙහසින් - නෙබිදෙන්න කිසි දිනෙක
ජීවිතය එලිය වුනි - අදුර දුරැ කරවමින්
ඔබෙන් ලද ප්‍රේමයට - ඔබෙන් ලද දයාවට
ආදරය කරමි මම - දිවි ගමන තුරාවට
නිකැලැල් ආදරය - තවමත් එලෙසමය
සදාදර පෙම්වතිය -පුන් සදයි මගෙ ලොවට
ආදරය නමින් දෙන - මේ පදවැල් ඔබට
පිරිනැමෙන තිලිනයකි...
0 comments:
Post a Comment