Pages

Sunday, October 30, 2011

මිනිසත්කම

කෙනෙකුගේ දුකකට
කදුළක් හෙලන්නට
දුක් කරදර වලට පිහිටක් වන්නට
හදේ එක් පැතුමක් යහපතක් කරන්නට
මිනිසුනේ ඇයි බැරි නුඔලගෙන් අහගන්න
මුදලට ලෝකය වී ජීවිතයක් නැතිව
සිනාවටත් මුවේ මුදලක් ගන්නවද
මිනිසත්කම හිතේ සින්නක්කර කුණු කූඩයට
උදේ සිට රැය තෙක් මහ මගේ රැදෙනවද
කෝට් බෑයක් ඇද ටයි පටිය පැළැන්දට
බැහැ මිනිසුන් වෙන්න
තිරිසන් ගති ඇදුමෙන් වසන්කර

Saturday, May 28, 2011

රතු රෝස මල

ආදරයට පුදදෙන - ජීවිතයට ලං වුන
උපන් දින සැමරැමට - දෝතින් පිරිනැමෙන
මලගමෙත් නොසැගවෙන - දුකටත් වෙන් නොවන
මල් වට්ටියේ මැදම හිද - බුදු පුදට නොවරදින 
එකම මල - ඔබයි රතු රෝස මල

ගලා යන ජීවිතය...

හාත්පස අදුරැය
අමාවක රැයක් මෙනි
ආලෝකයක සේයාවක් නොලද
දෙනෙත විඩාබරය
ගල් ගොඩැලි මතින් ගලායන
ජීවිතය කටුකට
වසන්තය සොයන මා නෙතු
මිරිගුවක වෙලී සේ දැනේ
කෙලෙස සොයමි මා
මා සොයන වසන්තය
දැන් නම් හති වැටී
නැවතී සිටිමි මා
බැරි බර දාර තව
කොතෙක් දුර යා යුතුද
මිරිගුවකි! මිරිගුවකි!
ලද දෙයක් නම් නොමැත
වෙහෙස පමණක් ගතට ඉතිරිය
දැන් නම් රැල්ල විත්
ගසා ගෙන ගොස් මා
නොහැකිය ගොඩ වන්න
පිහිනමි මියෙන තෙක්

Sunday, May 22, 2011

අකලට පර වූ කුසුම...

හිරැට පෙර අවදිව - හබල ගෙන දෑතට
නික්ම ගොස් ඔරැ කදින් - නෙලයි නිල් මහනෙල්
මහ හඩින් කෑගසා - උගුර ලේ රස වන තෙක්ම
විකුනා නෙලූ මල් - සනසවයි මව්පියන්

නැති මුත් ගදවිලවුන් - මල් සුවද ඇත ගතේ
නැති මුන් පිලි යසට - මිනිස්කම ඇත තිතේ
නෙලූ මල් තම අතින් - පුදනට මදිය පිං
සිනාබර මුව මඩල - මලක් සේ සුන්දරය

මහ වැසි වැටී රෑ - වැව් තලය රලු වුනා
මල් නෙලන් එන ලෙසින් - මල් කෙල්ල නික්මුනා
ඔරැ කද පෙරලුනා - මල් කැකුලු පා වුනා
අහිංසක මල් කැකුල - අකලට පර වුනා

ඔබට බැදි පෙම‍...

පොත් මිටිය තුරැල් කර - පාසලට පිය මැන්න
දගකාර පොඩි කෙල්ල - මා දැහැන බිද දැමුව
අකුරැ කෙරැවෙමු එකට - ජය ගන්න ජීවිතය
ප්‍රේමයේ මල් කැකුලු - පිපිදුනිය  හදවතින්
බැරි වුනිය සගවන්න - පැවසුවෙමි දෙනුවනින්
බැදුනෙමි සෙනෙහසින් - නෙබිදෙන්න කිසි දිනෙක
ජීවිතය එලිය වුනි - අදුර දුරැ කරවමින්
ඔබෙන් ලද ප්‍රේමයට - ඔබෙන් ලද දයාවට
ආදරය කරමි මම - දිවි ගමන තුරාවට
නිකැලැල් ආදරය - තවමත් එලෙසමය
සදාදර පෙම්වතිය -පුන් සදයි මගෙ ලොවට
ආදරය නමින් දෙන - මේ පදවැල් ඔබට
පිරිනැමෙන තිලිනයකි...